Sunday, June 17, 2012

අසිරිමත් කෘෂි තාක්ෂනය යනු......'


                   Blogging හෙවත් බ්ලොග්කරනය මට තරමක අලුත් දෙයක්. ඒත් කෘෂිකර්මය මට එතරම්ම ආගන්තුක දෙයක් නෙවෙයි. බීජයක් ප්‍රරෝහණය  වී ක්‍රමානුකූලව  එය ගසක් බවට පත්වීම පුංචි කාලෙදි මා දු‍ටු පුදුමාකාර සිද්ධියක්. ඒ කාලෙදි බෝංචි, මුං ඇට, වී ඇට වගේ විවිධාකාර ඇට වර්ග හිටවලා  ඒවායෙන් පැල මතුවෙන විධිය අත්හදා බැලුවා. ඉස්කෝලේ 8, 9 වසර වලදී කාලයත් සමග විවි වගා සම්බන්යෙන් මගේ දැනුම වැඩි වුනා. ඒ වෙනකොට මං භෝග වර්ග වැඩි ප්‍රමාණයක්  වවලා අස්වනුත් නෙලලා තිබුනා. කරවිල, මෑ කරල්, බන්ඩක්කා, වැටකොලු, වැරනියා මිරිස්, මයියොක්කා, ඒවැනි භෝග අතුරින් කීපයක්.


                    O/L  , A/L පන්තිවලදී තරමක් වගා කටයුතු වලින් මම ඈත්වුනා. උසස් පෙල ප්‍රතිපල වලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට තේරුනාට පස්සේ සැඟවී තිබුනු සහජ උනන්දුව යලිත් මතු වුනා. කැම්පස් එකේදී ප්‍රධාන මාතෘකා අටක් යටතේ පුලුල් පරාසයක දැනුමක් ලබා ගන්න හැකි වුනා. එතෙක් කුඩා පරාසයකට සීමාවී තිබූ මගේ දැනුම මෙනිසා වඩාත් පුලුල් වුනා.


                    නවීන පරිඝනක සහ තත්පරෙන් තත්පරේ අලුත් වන අන්තර්ජාලය මම හදුනාගත්තේ පීඨයේ පරිඝනක ඒකකය හෙවත් CC එකෙන්. මුලු ලෝකෙම දැනුම කෙටි කාලෙකින් ලබාගත හැකි අන්තර්ජාලයෙන් මා බොහෝ දේවල් දැන ඉගෙන ගත්තා. එහෙම අන්තර්ජාලයේ සැරිසරන අතරතුර එක්දිනකදී අහම්බෙන් දු‍ටු එක්තරා බ්ලොග් පි‍ටුවක ප්‍රතිඵලයක් ලෙසින් බ්ලොග්කරනයට මමත් පිවිසුනා


ඔන්න ඔහොමයි මේ බ්ලොග් එක සම්භවය වුනේ
                
                කෘෂිකර්මාන්තය සම්බන් විවි තොරතුරු, අසිරිමත් ඉසව්, අතැම්විට ඔබ මෙතෙක් නුදු‍ටු පැති, ආදී විවි ක්ෂේත්‍ර නාවක් යටතේ මෙහිදී  ලිපි ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මෙම බ්ලොග් අඩවියේ සිදුවිය යුතු වෙනස්කම් ඇතොත් ඒවාද, මෙහි අන්තර්ගත ලිපිවල දෝ ඇතොත් ඒවාද, මෙහි මවිසින් අන්තර්ගත කල යුතු මාතෘකාද, ඊට අමතරව ඔබලාගේ අදහස් උදහස්, යෝජනා චෝදනා තිබේනම් එවාද දන්වන මෙන් මා ඉල්ලාසිටිමි.



ස්තුතියි..

1 comment:

Anonymous said...

A Rare Good Effort.. Congratz..