Monday, July 9, 2012

ජාන වෙනස් කල භෝග 01 : Genetically Modified Crops 01

            ජාන වෙනස් කල භෝග ... මීට පෙර මේ වචන පෙල ඔබ අසා ඇතිබව මට හොදටම විශ්වාසයි. නමුත් මගේ කෘෂි ක්ෂෙත්‍රයට සම්බන්ධ යහලුවන් කීපදෙනෙකුගෙන් "ජාන වෙනස් කල භෝග"  ගැන ඇහුවහම ඔවුන්ට තිබුනෙ දල අදහසක්. මේ ලිපිය ලිවීමට මා වඩාත් පෙළඹුනේ එමනිසයි.

ජාන වෙනස් කර නිපදවූ බඩඉරිඟු  
ජාන කියන වචනය අපේ අහල නැති කෙනෙක් නැති තරම්. ශාක, සතුන් ආදී සියලුම ජීවීන්ගේ දේහ ලක්ෂණ බහුතරයක් තීරනය කරන්නේ මේ ජාන මගින්. සමහර මිනිස්සුන්ගේ හම සුදුපාට වෙද්දී තව සමහරකගේ කලු පාට වීමටත්, සමහර මිනිස්සු උස වෙද්දී තව සමහරු මිටි වීමටත්, ඇතැම් වී වර්ග වැඩි අස්වනු දෙන විට සමහර වී වර්ග අඩු අස්වනු ලබාදීමටත්, රට හරක් වැඩි කිරි ඵලදාවක් දෙනවිට බ‍ටු හරක් අඩු කිරි ඵලදාවක් දීමටත් හේතුව, මෙම  ජාන ජීවියාගෙන් ජීවියාට වෙනස් වීමයි. සෑම ජීවියෙකුටම ප්‍රභල ලක්ෂන එක්ක දුබල ලක්ෂනත් තියෙනවා. ඒක  සොබාදහමේ එක් න්‍යායක්. සමහර වී වර්ග ඉහල අස්වනු ලබා දුන්නත් පලිභෝධ වලට ඔරොත්තුදීමේ හැකියාව අඩුයි. ඒ වගෙම සමහර වී වර්ග අඩු අස්වනු ලබාදුන්නත් පලිභෝධ වලට ඔරොත්තුදීමේ හැකියාව වැඩියි. මේ වගේ කාරනා සම්බන්ධයෙන් ඔබට ප්‍රායෝගික අත්දැකීම් හොදටම ඇතිබව මට විශ්වාසයි.සොබාදහමේ මේ සංසිද්ධිය ටිකක් එහාට මෙහාට කරලා තමයි ජාන වෙනස් කල භෝග නිර්මානය කරන්නේ. දුර්වල ලක්ෂණ ඉවත්කර හෝ ප්‍රභල ලක්ෂන අලුතෙන් ඇතුලත් කර හොඳ ලක්ෂන ගනනාවක් සහිත ජීවියෙක් මෙහිදී නිර්මානය කරනවා. 

උදා :-  බඩ ඉරිගු වගා කරන කොට තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි පලිභෝධ හානි වැඩිවීම. කෘමි හානි මින් විශේෂයි. මීට විසදුමක් විදියට ගස තුලදිම කෘමීන්ට අහිතකර කෘමිනාශක නිපදවන බඩ ඉරිගු වර්ගයක් නිපදවල තියෙනව. මේ බඩ ඉරිගු වර්ගය සෑදීමට Bt හෙවත් Bacillus thuringiensis බැක්ටීරියාව සතු කෘමීන්ට විෂදායී සංයෝග නිපදවන ජානය බඩ ඉරිගු ශාක සෛලවලට අතුලත් කරල තියෙනවා. අමතරව කෘමිනාශක වලට යන වියදම් අඩුවීම, කෘමිනාශක නිසා සිදුවන පරිසර දූෂනය අවමවීම, කෘමිනාශක හේතුවෙන් මිනිසුන්ට සිදුවිය හැකි විෂවීම ඉවත්වීම, ප්‍රමානාත්මකව සහ ගුණාත්මකව ඉහල අස්වැන්නක් ලැබීම, නිශ්පාදන පිරිවැය අඩුවීම වගේ වාසි ‍රැසක් මින් අත් වී තිබෙනවා. වාසි වගේම අවාසි කීපයක්ද මෙම ජාන වෙනස් කල භෝග  සතුව පවතිනවා.ජාන වෙනස් කල භෝග පිළිබඳව ඉදිරි ලිපිවලදී තවදුරටත් දැනගමු. 

4 comments:

sampath said...

continue this 1. it is important to share this knowledge.. thanx

Anonymous said...

ඔබේ දැනුම අනිත් අය අතරේ බෙදා දීමට දරන උත්සාහය ගොඩක් අගය කරනවා අයියේ...

Anonymous said...

We are grateful to you for sharing your knowledge with us and hope you will continue your endeavor...

Unknown said...

Yes Sampath, I'll definitely continue it.
Thanks for Ur appreciation,
Thank U too Priyanwada.
thanks for all who inspiring & motivating me. see U on next post.