
පර්සියානු බොක්ක ආශ්‍රිත රටවල්වල සම්භවය වූවායයි සලකන රට ඉඳි උද්භිද විද්‍යාත්මකව Phoenix dactylifera ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් ගසක් මීටර් 15 - 25 අතර උසකින් යුක්තය. එක් රට ඉඳි අත්තක් මීටර් 4 -5 පමණ දිගුවන අතර එක් රට ඉඳි කොලයක් සෙන්ටිමීටර 30 ක් පමණ දිගුය. එක් රට ඉඳි අත්තක් කොල 150 කින් පමණ සමන්විතය.රට ඉඳි ගෙඩියක හැඩය ඕවලාකාර හෝ සිලින්ඩරාකාර වේ. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 3 - 7 අතර දිගකින් යුතු අතර විෂ්කම්භය සෙන්ටිමීටර 2 - 3 අතරවේ.

නමුත් මිනිසුන් විසින් කෘත්‍රිමව පරාගනය සිදුකරනවිට එක් පිරිමි ගසකින් ගැහැණු ගස් 100 ක් පමණ සාර්ථකව පරාගනය කල හැක. පැලකල දිනයේ සිට ඵල හටගැනීමට අවුරුදු 4 - 8 ත් අතර කාලයක් ගතවේ. නමුත් ආර්ථිකව ලාභ ලැබිය හැකි අස්වැන්නක් ලැබීමට අවුරුදු 7 - 10 ක් පමණ වැයවේ. පරිනත රට ඉඳි ගසකින් එක් කන්නයකදී කිලෝග්‍රෑම් 80 - 120 අතර අස්වැන්නක් නෙලිය හැක. රට ඉඳි ඉත්තේ සියලු ගෙඩි එකවර නොඉදෙන අතර මෙනිසා වාර කීපයකදී අස්වනු නෙළයි.
මේරු රතුපාට රට ඉඳි ගෙඩිවලින් අප ආහාරයට ගන්නා පැනිපාට හෝ කලුපාට වියලි රට ඉඳි සෑදීම පියවර කිහිපයකින් සිදුවේ.
1) දුම්ගැසීම : මෙහිදී මේරු රතුපාට රට ඉඳි ගෙඩිවලට දුම් ගැසීම සිදුකරයි.
2) ගෙඩිවල ප්‍රමාණය අනුව වර්ග කිරීම : විවිධ කාණ්ඩ 6 ක් යටතේ වර්ග කරයි. එනම් (Extra
Class, Select A, Select B, Good Average Quality (GAQ), Fair Average Quality
(FAQ) , Industrial Dates) ලෙසිනි.
3) සේදීම සහ වියලීම :
4) බර කිරීම සහ අසුරුම්ගත කිරීම : 5kg, 10kg, 20kg, 25kg ලෙස අසුරුම්ගත කරයි.
No comments:
Post a Comment