Monday, July 2, 2012

කිරිපිටි : Powdered Milk

                              කිරිපිටි නැත්තම් පිටිකිරි පොඩිකාලේ ඉඳන් අපි හොඳින් දන්නා ආහාරයක්.  අපි එදිනෙදා ජීවිතයේදී පරිභෝජනය කරන ආහාර අතුරින්  අත්‍යාවශ්‍ය ආහාරයක් බවට ක්‍රමක්‍රමයෙන් කිරිපිටි පත්වෙමින් ඇත. දියර කිරි වල අන්තර්ගත ජල ප්‍රතිශතය විශාල ලෙස අඩුකිරීමෙන් කිරිපිටි සාදයි.

Reconstitutiond milk from milk powder
දියරකිරි හා සංසන්දනය කිරීමේදී කිරිපිටි සතුව සුවිශේෂී ලක්ෂණ කීපයක් පවතී.  දියුණු වෙමින් පවතින ඇතැම් රටවල වඩාත් පුළුල් ලෙස කිරිපිටි ව්‍යාප්තවීමට මෙම ලක්ෂණ බලපායි. ගබඩාකිරීමේ පහසුව, දිගු අසුරුම්කාලය, ප්‍රවාහනය පහසුවීම, ප්‍රවාහන සහ ගබඩා කිරීමට යන වියදම් අවමවීම, මින් කීපයකි.  පරිභෝජනයට ගතහැකි ලෙස පළමුවරට නිෂ්පාදනය හඳුන්වාදෙන ලද්දේ 1832 දී රුසියානු ජාතික රසායන විදයාඥයෙකු වූ  M. Dirchoff විසිනි. 1835 දී T.S. Grimwade විසින් දියරකිරි වියළීමේ ක්‍රියාවලිය සඳහා පේටන්ට් බලපත ලබාගන්නා ලද අතර 1837 දී William Newton විසින් රික්ත වියලුම් ක්‍රමවේදය සඳහා පේටන්ට් බලපත ලබාගන්නා ලදී.

නමුත් වර්තමානයේදී කිරිපිටි නිෂ්පාදනය කරනු ලබන්නේ විසිරවියලුම් ක්‍රමවේදය යටතේය. මෙම ක්‍රමය,
1) දියරකිරි පැස්ටරීකරණය. 
2) පැස්ටරීකරණයට ලක්කළ කිරි 50% දක්වා උකුවන තෙක් ජලය ඉවත්වනතෙක් වාෂ්පීකරණය.
3) ඉහල උෂ්ණත්වයක් ඇති කුටීරයක් තුලදී මෙම 50% උකුකිරි මීදුමක්(mist) ලෙස විසිරීම
4) ක්‍රමක්‍රමයෙන් කුටීරය පහලට ජලකොටස් ඉවත් වූ ක්ෂීර අංශු එක්රැස්වීම. 
ලෙස මූලික පියවර හතරකින් සිදුවේ.

මෙම විසිරවියලුම්  ක්‍රමවේදයට අමතරව ( drum drying) හා ( freeze drying) ලෙස තවත් ක්‍රම දෙකක් පවතී. එක් එක් කිරිපිටි වර්ගයේ රසය, ඇල්වතුරේ දියවන සුළු බව, ඝනත්වය, වැනි ලාක්ෂණික ගුණයන් ඉහත වියලුම් ක්‍රමවේදය සහ අනුරූප වියලුම් ක්‍රමයේදී සපයන උෂ්ණත්වය යනාදී සාධක මත තීරණය වේ. 

No comments: