Wednesday, August 22, 2012

Tea Tasting හෙවත් තේ රස බැලීම : Ceylon Tea

              තේ රස බැලීම හෙවත් (Tea Tasting) කියන්නෙ එක්තරා ආකාරයක කලාවක්. සාමාන්‍යයෙන් තේ වත්තකින් නෙලාගන්නා තේ දලුවල රසය පෙර වාර්තා අනුව නිශ්චිතව පුරොකථනය කරන්න අමාරුයි. එකම තැනකින් නෙලාගත්තත් වසරේ කාලය අනුව තේ දල්ලකට හිමිවන රසය පැහැය හා සුවද වෙනස් වීම මීට හේතුවයි.


නමුත් වෙලදපොලෙදී මෙම විචල්‍ය වීම පැවතීම එක්තරා අවාසියක්. තේ මිලදීගන්නන්ට අවශ්‍ය තත්වයේ තේ ලබාදීම මෙන
ිසා අසීරුවෙනවා. එබැවින් සමාන ගුණාංග වලින් යුතු තේ සාම්පල එක් කාන්ඩයක් යටතේ වර්ගකිරීමකට ලක්කරනවා. මේ වර්ගීකරන ක්‍රියාවලිය සිදුකරන්නේ (Tea Taster) හෙවත් තේ රස පරීක්ෂකවරුන් විසිනි. ඉහල වැ‍ටුප් මට්ටමක් හිමිවන මෙය ඉතා ‌භාරදූර සියුම් කාර්යයක්. තේ ‌වෙළඳා‌‌මෙහි නියුක්ත වන සියලුම පාර්ශවකරු‌‌වෝ ( නිෂ්පාදකයන්, බ්‍රොකර්කරුවන්, මිලදීගන්නන්) තේ නිෂ්පාදනවල ගුණාත්මක බව තක්‌සේරු කිරීමට ‌තේ රස පරීක්ෂකවරුන් ‌සේව‌යේ ‌යොදා ගන්නවා. ශ්‍රී ලංකා‌වේ නිෂ්පාදනය ‌කෙ‌රෙන සියලුම ‌තේ වර්ග ප්‍රවීණ ‌තේ රස පරීක්ෂකයන් විසින් තක්‌සේරු ‌කෙ‌රේ. එම තත්ත්වය ISO 3720 ප්‍රමිති‌යෙන් තවදුරටත් තහවුරු කරයි. ලංකා ‌තේ සියල්ල ‌මෙම ප්‍රමිතියට අනුකූල විය යුතුය.‌ මෙම සහතික‌යෙන් ‌තොරව කිසිදු ‌තේ වර්ගයක් ශ්‍රී ලංකා‌වෙන් අපනයනය කළ ‌නොහැකිය.

ඇත්තටම (Tea Tasting) ක්‍රියාවලිය මොන වගේද..
- පලමුව තේ රස පරීක්ෂකයන්‌ගේ පිරික්සුම සඳහා වියළි ‌තේ ‌කොළ නියැදි, ‌මේසයක් මත තබා එම ‌මේසය ළග සිට ‌ගෙන ‌තේ රස බැලීම සිදු කරනු ලැ‌බේ. ‌මෙය වියළි ‌තේ ‌කොළ ‌‌දෙස බැලී‌මෙන් ද, ඇතැම් අවස්ථාවලදී අතගා බැලීමෙන්ද පරීක්ෂා ‌කෙ‌රේ. ‌මෙම පරීක්ෂණ‌යේදී රස පරීක්ෂකයා ‌තේ ‌‌කොළවල ‌පෙනුම, ‌ලොකු කුඩා බව, වර්ණය සහ “ටිපි” ‌හෙවත් දළු දක්නට ති‌බේ ද යනාදී විවිධ ලක්ෂණ ‌‌සොයා බලයි.
- පසුව එක් එක් ‌තේ නියැදිය නටන වතුරට දැමීම ද සිදු ‌කෙ‌රේ. ‌මෙහිදී සාමාන්‍ය අනුපාතය වන්‌නේ ‌තේ 2g කට (‌තේ හැන්‌දෙන් ½ට පමණ) නටන උණු වතුර 150ml ක් (‌‌කෝප්ප ½ක්) ය. ඉන්පසු එම භාජනය මිනිත්තු 4-5 ක කාලයක් වසා තබනු ලැ‌බේ.
- අනතුරුව ‌තේවල රසය උරා ‌ගෙන ඇති දියරය, රස බැලිම සඳහා වි‌ශේෂ‌යෙන් ‌වෙන් කර ති‌බෙන සුදු පාට ‌‌පෝසි‌ලේන් ‌කෝප්පවලට වත් කරනු ලැ‌‌‌බේ. තැම්බුණු ‌තේ ‌කොළවලින් ‌කොටසක් ද පිරික්සීම සඳහා සුදු පාට ‌පෝසි‌‌ලෙන් පීරිසියක නැත‌හොත් පියනක තබනු ඇත. ‌
- තේ රස පරීක්ෂකයා ‌තේ ‌කොළවල වර්ණය සහ “ඔපවත් බව” යන ‌මේවාට අමතරව එහි සුවඳ සහ වර්ණ අනුකූලතාව ද තක්‌සේරු කරයි.
ඉක්බිති ‌තේ කහට පරීක්ෂාවට ලක් ‌කෙ‌රේ. ‌තේවල තත්ත්වය පිළිබඳ රස පරීක්ෂකයා‌ගේ විනිශ්චය ‌කෙ‌රෙහි ‌මේ පියවර තීරණාත්මක බලපෑමක් ඇති කරයි. ‌
- මෙහිදී සුවඳ වැදගත් මිනුම් දණ්ඩකි. එ‌හෙත් ‌තේ කහටවල වර්ණය ‌මෙන්ම පැහැදිලි බව සහ උකුගතිය (‌හෙවත් ‘කහට’) යන ‌මේවා ද ‌මෙහිලා වැදගත් ‌වේ. ‌මේවා ‌තේ හඳුනා ගැනීමට උප‌යෝගී කර ගන්නා ගුණාංග ‌‌වේ.
- අවසාන‌යේ දී ‌තේ රස පරීක්ෂකවරයා කහට ටිකක් සිය මුව තුළට ගනියි. එ‌සේ ‌ගෙන මහත් ශබ්දයක් නගමින් එය උරයි. එ‌සේ කරනු‌යේ ඔක්සිජන් වායුව සමග ‌බෙ‌හෙවින් මිශ්‍ර වී දි‌වේත්, තල්‌ලේත් හැම ‌‌කොටසක් කරාම කහට සංසරණය කරවනු පිණිසය. ‌
- මෙ‌සේ කිරී‌‌මෙන් ඔහු ‌තේවල ගුණාංග, එනම් නැවුම් බව, කහට ගතිය, පියකරු සුවඳ, ප්‍රණීත රසය යනාදී ගුණාංග රාශියක් තක්‌සේරු කරයි. ‌‌තේ රස බැලීමට අදාළ වාංමාලා‌වෙහි එබඳු ගුණාංග පැව‌සෙන පාඨ සමුදායක් ති‌බෙන නමුත් ‌තේ රස බලන සියලු ‌දෙනා එම පාඨ ඒකාකාරව භාවිත ‌නොකරයි. 
පළපුරුදු තේ රස පිරික්සන්නෙකු විසින් මෙසේ එක් දිනකට සාම්පල සියගණනක් පරීක්ෂාකරන අතර ක්ෂේත්‍රයේ නිපුනයෙකුවීමට වසර පහක් පමණ ගතවේ.

පසු ලියමන : මාගේ "The Agronomist" නමැති ෆේස්බුක් පිටුවේ පලකල මේ ලිපිය ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් ප්‍රකාශිත ලිපියක් ඇසුරින් සම්පාදනය කෙරිනි. 

1 comment:

නන්ඳු said...

වටින ලිපියක්..!
Tea Tasters ලට විවිධ රෝග වලට විශේෂයෙන් උගුර ආශ්‍රිත රෝග වැලදීමේ අවදානම වැඩි බවක් දක්වනවා..
බලාපොරොත්තු වෙනවා අපේ ‍රටේ විවිධ තේ වර්ග ගැන ලිපියක්..

ස්තූතියි ගොඩක් මේ වටින කරුණු අප අතර තබනවට.. :)