Thursday, June 21, 2012

රන්වන් පැහැති සහල් : Golden Rice


රන් අස්වනු මංගල්‍යය, “බිමට නැමුණු රන්කරල්යන වදන් ඔබ මීට පෙර අසා ඇතිසශ්‍රීකත්වයේ සහ සෞභාග්‍යත්වයේ සංකේතයක් ලෙස මෙම රන් යන විශේෂණය යොදා ගනීඑහෙත් අපි දන්නා සහල් සැබවින්ම  රන්වන් පාට නැතබොහෝවිට  ඒවා  සුදු  හෝ  රතු  පැහැයක්  ගනී.නමුත් සැබවින්ම රන්වන් පැහැති සහල් ලොව පවතින බව ඔබ දන්නවාද?

2000 වසරේදී පළමුවරට රන්වන් පැහැති සහල් (Golden Riceපිළිබඳව ලොවට අනාවරණය කෙරිනස්වාභාවික පරිසරයේ  නිර්මාණයක් නොවන මෙම රන් සහල් ජාන ඉංජිනේරු විද්‍යාවෙන් හඳුන්වාදෙන ලදීඑබැවින් මෙය (Genetically Modified Organismනම්  ඝනයට අයත් වේඑසේවුවද අනෙක් බොහෝ සහල් අයත්වන Oryza sativa විශේෂයටම මෙම සහල් ප්‍රභේදයද අයත් වේමහාචාර්ය Ingo Potrykus විසින් මෙය ලොවට හඳුන්වාදෙන ලද්දේ  කුඩා ළමුන් අතර පවතින්නාවූ විටමින් ඒ ඌනතාව හෙවත් (VADඅවම කිරීමේ වෑයමක් ලෙසය.

normal rice vs golden rice
අනෙකුත් සහල් ප්‍රභේදයන්ට සාපේක්ෂව මෙහි වැඩි බීටා කැරොටීන් (β caroteenප්‍රතිශතයක් අන්තර්ගතයසත්ව ශරීර තුලදී මෙම බීටා කැරොටීන්විටමින් ඒ බවට පරිවර්තනය වේමේ ඉහල බීටා කැරොටීන් මට්ටම නිසා මෙම ලාක්ෂණික රන්වන් පැහැය සහල්වලට ලැබී ඇතවසර 2005 දී තවදුරටත් මෙය වැඩිදියුණු කල අතර (Golden Rice 2)  නම් වූ මෙම නව ප්‍රභේදයේ  පළමු ආකාරයට වඩා 23 ගුණයකින් බීටා කැරොටීන් මට්ටම වැඩි විය. Syngenta සමාගම මීට  දායක  විය.

එහෙත් තවමත් මිනිස් පරිභෝජනයට මෙම  වර්ග  දෙකෙන්  කිසිවක්  නිකුත් කර නැතවිවිධ පාරිසරික සංවිධාන වලින් මතුවු දැඩි විරෝධය මීට හේතුවියමීට ප්‍රධාන හේතූන් ලෙස මෙය (GMOවර්ගයට අයත්වීමවිටමින් ඒ ඇති  ස්වභාවිකව  පවතින  විකල්ප  අහාර බහුලව තිබීම (බතලකොළ පැහැති එළවලුපලතුරු)මෙම රන් සහල් වලට අවසර දීම වෙනත් (GMOවර්ග පරිභෝජනයට දෙන අවසර පතක් ලෙස වක්‍රාකාරව දිස්වීම මෙවැනි  හේතුන්ගෙන්  කීපයකි.          

2 comments:

Anonymous said...

හොඳ විස්තරයක්. ඇත්තටම ජාන ඉංජිනේරු විද්‍යාවෙන් නිපදවූ බෝග හානිකර වන්නේ ඇයි? එවැනි වෙනත් බෝග වර්ග මොනවද?

Anonymous said...

හොදයි. රන්වන් සහල් මිනිසාට හිතකරද යන වග අප හරියටම තහවුරු කරගත යුතුයි.