Friday, June 29, 2012

මහාපරිමාණ කෘෂි යන්ත්‍ර 01 : Extreme Farm Machines 01

                මේ ලිපිය කෘෂි ඉංජිනේරු විද්‍යාවට ටිකක් සමීපයි. මෙතෙක් ලොව වැඩිම කාර්යක්ෂමතාවයකින් බිම් සැකසුම් සිදුකර ගිනස් වාර්තා අතරට එක්වුනු මහාපරිමාණ යන්ත්‍රයක් (ලොකු ට්‍රැක්ටරයක්) ගැනයි මේ සටහන.

AGCO Challenger MT875B
(Benoit Verdin) විසින් රොමේනියාවේ (TIMISOARA) ප්‍රදේශයේදී මෙම වාර්තාව පිහිටුවා ඇත. මෙම වාර්තාව පිහිටුවීමට අශ්වබල 570 (සාමාන්‍ය ට්‍රැක්ටර අශ්වබල 48 - 60 පරාසයේ පවතී) ජවයකින් යුතු (AGCO Challenger MT875B) වර්ගයේ යන්ත්‍රයක් සහ මීටර් 14 ක පළලින් යුත් (14m-wide Gregoire Besson XXL discs) වර්ගයේ  විශාල තැටි නගුලක් ඔහු භාවිතාකර තිබෙනවා. මෙම වාර්තාව පිහිටුවීමට අඛණ්ඩව පැය 24 ක් ඔහුට ගතවෙලා තියෙනවා. 

14m-wide Gregoire Besson XXL discs
මෙම පැය 24 තුල හෙක්ටයාර 640 ක (ඒ කියන්නේ වතිකානුව වගේ ආසන්නව 14 ගුණයක භූමියක) බිම් සැකසීම් සිදුකර ඇත. එනම් විනාඩි දෙකකදී පාපන්දු පිටියක ප්‍රමාණයක්.........
මෙම බිම් සැකසීම මැටි බහුල ලෝම පසේ සෙන්ටිමීටර 10 ක් ගැඹුරට සිදුකර ඇත. මෙය ලෝක වාර්තාවක් වුවද හෙක්ටයාරයක් සැකසීමට වැයවී ඇත්තේ ඉන්ධන ලීටර 4.42 බව සඳහන්ය. මෙය සාපේක්ෂව හොඳ ඉන්ධන ඉතිරියක් බව සඳහන්ය. මහා පරිමාන කෘෂි බිම් අඩුකාලයකින් සහ අඩු නිෂ්පාදන පිරිවැයකින් අස්වැද්දීමට මෙමගින් හැකිවී ඇත. එම වාර්තාව පිහිටවු  වීඩියෝව 

No comments: