Saturday, June 23, 2012

භෝගවල නිජබිම් : Center of Origin

                         අපේ රටේ වගා කරන විවිධ භෝග වර්ග ලෝකෙ කුමන පෙදෙස් වලින් පැමිණි ඒවාද? අපි ආහාරයට ගන්න වී, තිරිඟු, කුරහන් වල නිජභූමි මොනවද? අපේ රටේ ප්‍රධාන වැවිලි වන තේ, පොල්, රබර් වැනි භෝග සම්භවය වුනේ මොන මොන රටවලද? මෙම ප්‍රශ්නවලට විසඳුම් "භෝගයන්හි සම්භව කේන්ද්‍ර "  හෙවත් (Centre of Origin) යටතේ පැහැදිලි කල හැකආචාර්ය නිකොලයි ඉවනොවිච් වැවිලෝව් විසින් මෙම හඳුන්වාදෙන ලදීමෙහිදී  ප්‍රධාන සම්භව කේන්ද්‍ර 8 ක් යටතේ භෝග වර්ගීකරණය කරයි.
 

ඒ අනුව අපේ රටේ වවන පොල් ඉන්දියානු කේන්ද්‍රයේද, ළූණු චීන කේන්ද්‍රයේද, මයියොක්කාරටකජුරබර්අන්නාසි බ්‍රසීල පැරගුවේ උපකේන්ද්‍රයේද සම්භවය වී ඇත.    පහත වගුවෙන් තවදුරටත් අවබෝධකර ගත හැක.
අප බහුලව පරිභෝජනයකරන භෝග වර්ග සහ ඒවායේ නිජබිම් 


සම්භව කේන්ද්‍ර
භෝග වර්ග
1
දකුණු මෙක්සිකානු සහ මධ්යම ඇමරිකානු කේන්ද්‍රය
බඩඉරිඟු, බෝංචි වර්ග, කපු, බතල, ගම්මිරිස්, පැපොල්, පේර, කජු, කොකෝවා
2

දකුණු ඇමරිකානු කේන්ද්‍රය

මෙය නැවත උප  ප්‍රධාන ප්‍රදේශ 3 කට බෙදා ඇත.
පේරු, ඉක්වදෝර, බොලිවියානු උප කේන්ද්‍රය: අර්තාපල් වර්ග, පිෂ්ට අධික තිරිඟු, තක්කාලි, වට්ටක්කා, ගම්මිරිස්, දුම්කොළ, කොකෝවා, පේර.

චිලෝ උප කේන්ද්‍රය: චිලියානු ස්ට්‍රෝබෙරි  

බ්‍රසීල, පැරගුවේ උප කේන්ද්‍රය: මයියොක්කා, රටකජු, රබර්, අන්නාසි, කජු.

3
මධ්‍යධරනී  කේන්ද්‍රය
තිරිඟු වර්ග (durum, polish), ඕට්ස්ක්ලෝවර් තෘණ වර්ග (Egyptian, white, crimson), අබ, ඔලිව්, බීට්රූට්, සලාද කොළ, පෙපර්මින්ට් ශාඛ.
4
මැදපෙරදිග කේන්ද්‍රය
රයි, තිරිඟු වර්ග (einkorn, durum, poulard, common, oriental, persian), පරිප්පු, දෙළුම්, ඇපල්, පෙයාස්, චෙරි.
5
ඉතියෝපියානු කේන්ද්‍රය
බාර්ලිතිරිඟු වර්ග (Abyssinian hard, poulard, polish), සෝගම්, කුරක්කන්, කවුපි, තල, එඬරු, කෝපි. බණ්ඩක්කා,

6
මධ්‍යම ආසියානු කේන්ද්‍රය
තිරිඟු වර්ග (common, club, shot, ), පරිප්පු, මුං, අබ, තල, කපු, ළූණු, සුදු ළූණු, නිවිති, කැරට්, පෙයාස්, ආමන්ඩ්, ඇපල්, මිදි
7

ඉන්දියානු  කේන්ද්‍රය, උප ප්‍රධාන කේන්ද්‍ර දෙකකට බෙදේ.

ඉන්දු බුරුම උප කේන්ද්‍රය: වී, මුං, කවුපි, වම්බටු, කැකිරි, රාබු, අඹ, දොඩම්, උක්, පොල්, තල, කොට්ටපුලුන්, ජූට්, සඳුන්, කුරුඳු, උන.
සියම් මලයානු ජාවා උප කේන්ද්‍රය: කොමඩු, කෙසෙල්, දෙල්, මැන්ගුස්, පොල්, උක්, කරාබු, සාදික්කා

8
චීන කේන්ද්‍රය
මිලට් වර්ග (broomcorn, Italian, Japanese barnyard), සෝයා බෝංචි, රාබු, චීන ගෝවා, ළූණු, කැකිරි, පීච්, චෙරි, චීන ඇපල්උක්, පොපි,



No comments: