Tuesday, August 7, 2012

සීනි නිෂ්පාදනය සඳහා වගාකරන බීට් : sugar beet

සීනි අපිට නැතිවම බැරි ආහාර ද්‍රව්‍යයක්. උක් දඬු මිරිකා ලැබෙන යුෂ පිරිසිදු කර ස්ඵටික බවට පත්කිරීමෙන් සීනි කැට ලබාගන්නවා. ඒත් මේ විදියට සීනි ලබාගන්න පුළුවන් උක් ගස් වලින් විතරද?

සීනි නිෂ්පාදනය සඳහාම වගාකරන බීට් 

සීනි නිෂ්පාදනය සඳහාම වගාකරන බීට් හෙවත් (sugar beet) ගැන ඔබ අනිවාර්යෙන්ම අසා ඇතිවාට සැකයක් නෑ.  Beta vulgaris  යන විශේෂයටම අයත් වන මෙය වාණිජ වශයෙන් සීනි නිෂ්පාදනය සඳහා යොදාගනී. ලොව සමස්ත සීනි නිෂ්පාදන ධාරිතාවයෙන් 1/5 ක් නැතහොත් 20% ක් සැපයෙන්නේ මෙම sugar beet වලිනි. සුදු පැහැති මාංශලමය  ආකන්දයක් (tuber) වන sugar beet අලයක බරින් 75% ක් පමණ ජලය අන්තර්ගත වන අතර 15% - 21% ත් අතර ප්‍රමාණයක් සුක්‍රෝස් අඩංගුවේ. sugar beet වගාකිරීම සඳහා වඩාත්ම සුදුසු දේශගුණික තත්ත්ව පවතිනුයේ සෞම්‍ය කලාපීය රටවලය. 


2009 දී ලොව ප්‍රධානතම sugar beet නිෂ්පාදක රටවල් ( මෙට්‍රික් ටොන් මිලියන)


මේ වනවිට ලොව විශාලතම sugar beet නිෂ්පාදක රට වන්නේ ප්‍රංශයයි. ඉතිහාසගත වාර්තා අනුව 16 වන සියවසේදී Olivier de Serres විසින් පළමුවරට sugar beet හි ඉහල සීනි ප්‍රතිශතයක් පවතින බව සොයාගන්නා ලදී. එසේම 1801 දී Franz Karl Achard  විසින්  sugar beet යොදාගෙන සීනි නිපදවන ලොව ප්‍රථම සීනි කම්හල ඇරඹිණි. 1800 මුල භාගයේදී නැපෝලියන් අධිරාජ්‍යයාගේ අනුග්‍රහය යටතේ  ප්‍රංශය පුරා sugar beet මහා පරිමානව ව්‍යාප්ත විය.  

ආර්ථික වශයෙන් ලාභදායී සාර්ථක sugar beet වගාවක් සඳහා උෂ්ණත්වය, හිරුඑළියේ තීව්‍රතාව, වර්ෂාපතනය සහ සුළඟේ වේගය යන සාධක සෘජුව බලපායි. පැල වැඩෙන අවදියේදී  15.55 °C -  21.11°C අතර උෂ්ණත්වයක් පැවතීම හිතකරය. නමුත් තද සුළං පැවතීම නුසුදුසුය. බාස්මතී වගාකිරීමට උතුරුදිග ඉන්දියානු පෙදෙස් වඩාත් සුදුසු වන්නා සේ  sugar beet වගාවට සුදුසුම ප්‍රදේශය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියානු ප්‍රදේශයන්ය. තරමක උණුසුම සමග හොඳින් හිරුපායන දිගු දිවාකාල සහ මීදුම් සහිත සීතල කෙටි රාත්‍රී කාලයන් වඩාත් සුදුසුය. මෙම තත්ත්ව යටතේදී  ඉහල සුක්‍රෝස් ප්‍රතිශතයක් අන්තර්ගත වේ.  


බිම් සකස් කිරීමේදී ගැඹුරට පස් හෑම (deep ploughing)
එහෙත් ඉහල උෂ්ණත්වයක් සහ අධික තීව්රතාවකින් යුතු හිරු එලිය නුසුදුසුය. එබැවින් සමකාසන්න පෙදෙස්වල වාණිජ භෝගයක් ලෙස sugar beet වගා නොකරයි. sugar beet සිටුවීමට බිම් සකස් කිරීමේදී ගැඹුරට පස් හෑම (deep ploughing) කලයුතුය. එසේම තද පාංශු කොටස් ආදිය ඉවත් කලයුතුය. මෙම පියවරයන් අනුගමනයෙන් ආයාසයකින් තොරව මුල්වලට පස තුලට ගමන් කල හැක. (deep ploughing) නොකළහොත් වර්ධනය වන අවදියේදී  තද පාංශු ස්ථරවල වැදී අල උඩට එම සිදුවේ.මීට අමතරව හොදින් ජලය බැසයාමත් පාංශු වාතනයකුත් තිබීම සුදුසුය.

sugar beet යනු පාංශු පෝෂක වැඩිවශයෙන් උරාගන්නා භෝගයකි. මෙනිසා එකම බිම්පෙදෙසක අඛණ්ඩව වගා නොකරයි. බොහෝවිට එකම බිමක sugar beet වවන්නේ අවුරුදු 3 කට වතාවකි. අතරමැදි අවුරුදු දෙක තුල ධාන්‍ය සහ රනිල භෝග සිටුවයි. sugar beet සිටුවීම වසන්ත සෘතුවේදී සිදුකරන අතර අස්වනු නෙලීම සිසිර සෘතුවේදී සිදුකරයි. බොහෝවිට වගා බිමේ සිට සීනි නිෂ්පාදනාගාරය දක්වා සාපේක්ෂව වැඩි දුරක් ගමන් කිරීමට sugar beet අලවලට සිදුවේ. අඛණ්ඩව වගා නොකිරීමත් උක් වගාවන්ට සාපේක්ෂව ඒකක භූමිප්‍රමානයකට අඩු ඵලදායීතාවක් ලැබීමත් යන කාරනා මත වගාබිම්වලට සමීපව නිෂ්පාදනාගාර ඉදිනොකරයි.

sugar beet යනු පොලව යට  වැවෙන භෝගයක් නිසා පස් සහ වැලි ආදී අපද්‍රව්‍ය වලින්ද ඉහලය. එබැවින් සැකසීමට පෙර මෙම අපද්‍රව්‍ය ඉවත්කිරීමට හොඳින් සේදීම සිදුකරයි. සේදු අල කුඩා තීරු වලට යාන්ත්‍රිකව කපන අතර මෙමගින් පෘෂ්ට පරිමා අනුපාතය වැඩිවී පහසුවෙන් සීනි වෙන්කර ගත හැක. මෙම කුඩා අල තීරු cossettes ලෙස හඳුන්වයි. මේ සඳහා උණුවතුර සහිත විශාල ටැංකි වල මෙම තීරු ගිල්වා පැයක පමණ කාලයක් තබයි. මෙහිදී විසරණ ක්‍රියාවලියෙන් සුක්‍රෝස් ජලයට එකතුවේ. ඉන්පසු ඉතිරිවන තීරු  තෙරපීමකට ලක්කර තවදුරටත් සුක්‍රෝස් කොටස වෙන්කර ගැනීම සිදුවේ. 

මෙහිදී ඉතිරිවන හපය සත්වාහාර සෑදීමට යොදාගනී. සීනි කැට නිෂ්පාදනයට පෙර මෙසේ ජලයට වෙන්කරගත් සුක්‍රෝස් යුෂය පිරිසිදු කලයුතුය. පිරිසිදුකල පසු අමතර ජලය වාෂ්පීකරණයෙන් සීනි කැට ලබාගනී. උක් මගින් සීනි නිෂ්පාදනයේදී වාෂ්පීකරණ ක්‍රියාවලිය සඳහා ඉන්ධන ලෙස උක්ගසෙන්ම ලැබෙන අතුරුපල යොදාගත හැකිය. නමුත් sugar beet හිදී මෙසේ ස්වභාවික ඉන්ධන ලැබෙන්නේ නැත. එබැවින් මෙම වාෂ්පීකරණ ක්‍රියාවලිය සඳහා සාපේක්ෂව වැඩි පිරිවැයක් දරනුලබයි.

3 comments:

නන්ඳු said...

වටින ලිපියක්..! ඒ වගේම හොඳ උත්සහයක් මේ බ්ලොග් අඩවියේ ආරම්භයත්..! කෘෂිකර්මයේ අළුත් තාක්ෂණික දැනුම වගේම ලංකාවේ කෘෂිකර්මාන්තයේ අගයත් මේ තුලින් බෙදාදීමට මේ කැපකිරීමට ගොඩක් ස්තූතියි..!

Follow කරන්න අපේ යාළුවන් වෙනුවෙන් Gadget එක දාන්න..

සුබ පැතුම් ‍වගේම දිරි.. ‍මේ වටින ලිපි පෙළ ඉදිරියටම ලියන්නට..! :)

Unknown said...

නන්ඳු, මාගේ බ්ලොග්කරණ වෑයම දිරිමත්කළ, ඔබ පලකල ප්‍රතිචාරයට බොහොම ස්තුතියි ...............!!!
Gadget යෙදීම පිළිබඳව ඔබ දුන් ඔවදන ඉතා වටිනා බව මාගේ හැගීමයි. :)

effiewachholz said...

Brass Ceramic vs Titanium - Etch Ceramic vs Titanium - Tioga Arts
Brass Ceramic vs Titanium oakley titanium sunglasses - Tipe Color. $12.00. 0 in stock. babylisspro nano titanium spring curling iron Sold out. No reviews yet. $19.95 in stock. mens titanium wedding rings Quantity. $13.00. Quantity. Add to Cart. titanium blade Add microtouch solo titanium to Cart $14.95 · ‎In stock