පහුගිය සතියෙ BMICH එකේ තිබුන නියම ප්‍රදර්ශනයක්. ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයට සම්බන්ධ ප්‍රධාන ආයතනවල විවිධ නිෂ්පාදන එහිදී දැකගන්න පුළුවන් උනා. ලංකාවේ ආයතන වලට අමතරව ඉන්දියාවේ ඇතැම් ආයතන සැලකියයුතු ප්‍රමාණයකුත් ඊට සහභාගිවී තිබුනා. එහි තිබූ එක් ඉන්දීය වෙළඳ කුටියකින් තමයි මේ ලිපිය ලිවීමට අවශ්‍ය වස්තුබීජය මා ලබාගත්තේ.
බාස්මතී ......... අපි දන්නා කියන ටිකක් මිල වැඩි සහල් වර්ගයක්. අපි බාස්මතී කියල කන්නේ ඇත්තම බාස්මතීද? බාස්මතී සහලේ පවතින සුවඳ කුමක්ද? බාස්මතී සහල් මෙපමණ මිලෙන් වැඩි ඇයි? මේ ඒ පිලිබඳ කෙටි විස්තරයක්.
බාස්මතී වී ප්‍රභේදය වගා කරන රටවල් ලෙස ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය දැක්විය හැක. මේ රටවල් අතුරින් විශාලතම නිෂ්පාදකයාත්, විශාලම පාරිභෝජකයාත්, විශාලම අපනයනකරුවාත් වන්නේ ඉන්දියාවයි. උතුරුදිග ඉන්දියානු පෙදෙස්වල පවතින දේශගුණික ලක්ෂණ සහ පාංශු තත්ත්ව බාස්මතී වගාවට වඩාත් සුදුසුය. උත්තර් ප්‍රදේශ්, පන්ජාබ්, හර්යානා, ජම්මු සහ කාශ්මීර යන ප්‍රදේශවල බහුලව මෙය වගා කරයි. හින්දි බසින් (Bas) යනු "සුවඳ" ලෙසත් (Mati) යනු "පිරී ගිය" ලෙසත් හඳුන්වයි. "සුවඳ විහිදුවන සහල්" යන අරුත මින් ජනිතව ඇත. බාස්මතී සහල් පිසිනවිට නිකුත් වන ලාක්ෂණික සුවඳ ඇතිවන්නේ ( 2-Acetyl-1-pyrroline) නමැති සංයෝගයෙනි. අපි හොඳින්ම දන්නා රම්පෙ වල ලාක්ෂණික සුවඳ ඇතිවන්නේද මෙම රසායනික සංයෝගයෙනි. මෙම සංයෝගය 90 ppb (එනම් බාස්මතී සහල් 1000 kg ක මෙම සංයෝගය 90 mg ක අඩංගුවන බව). සාන්ද්‍රනයෙන් අන්තර්ගතවේ.
අනෙකුත් සහල් ප්‍රභේද හා සැසඳීමේදී බාස්මතී සහල්වලින් ලැබෙන්නේ සාපේක්ෂව අඩු අස්වැන්නක්. ඒ වගෙම ඉන්දියාවේ සම්පූර්ණ සහල් නිෂ්පාදනයෙන් බාස්මතී දරන්නේ 1% වැනි සුළු ප්‍රතිශතයක්. නමුත් ඉන්දියාව තුලත් අනෙකුත් රටවලිනුත් මේ සඳහා ඉහල ඉල්ලුමක් පවතිනවා. ඉල්ලුමට සරිලන ලෙස සැපයීම සිදුකල නොහැකි නිසා බොහෝ අවස්ථාවලදී බාස්මතී සහල් වලට සමාන වෙනත් සහල් ප්‍රභේද සමග සැබෑ බාස්මතී සහල් කලවම් කිරීම සිදුකරනවා. ( හරියට ලංකාවේ හොඳ තේ වලට කසල තේ කලවම් කරනවා වගේ) මෙම තත්ත්ව වැලකීමට නිරන්තරයෙන් වැටලීම් කරනු ලබන අතර අපනයනය කිරීමේදී වැඩි සැලකිල්ලක් ඊට යොමුකරනවා.
බාස්මතී සහලින් පිසු බතක් |
නියම බාස්මතී සහල් අඳුරගන්නේ කොහොමද? ඔබට දැන් හිතෙනව ඇති. එය ඉතා පහසුයි. බාස්මතී සහල් වලටම ආවේනික ලක්ෂනයකින් එය වෙන්කර ගන්න පුළුවන්. පිසීමේදී සහල් ඇටය දෙගුනයකින් දික්වීමත් අවේනික සුවද විහිදුවීමත් එකවර පෙන්වන්නේ සැබෑ බාස්මතී සහල් වල පමනකි. වෙනත් කිසිදු සහල් ප්‍රභේදයක් මෙම ලක්ෂන දෙකම එකවර පෙන්නුම් නොකරයි. මීට අමතරව ඩී.එන්.ඒ ඇගිලි සලකුනු තාක්ෂනය භාවිතාකර සැබෑ බාස්මතී සහල් හඳුනාගැනීමේ ක්‍රමවේදයක්ද පවතී.
4 comments:
ඔන්න මමත් ඇවිත් ලිපිය කියෙව්වා. දිගින් දිගටම ලියන්න. ලිපි නම් හොඳයි. සමාජයට වැඩදායක යමක් ඉදිරි පත් කරන එක ගැන අපි සතුටු වෙමු.
ඔබේ බ්ලොගය අපේ සිතුවිලි බ්ලොග් කියවනයටද ඇතුලත් කර ඇත්තෙමු. ඔබ ලියන ලිපි ස්වංක්‍රීයවම බ්ලොග් කියවනයට අප්ඩෙට් වෙනවා. http://www.facebook.com/pages/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B6%BA-Ape-Sithuwili-Blog-Reader/253236181412398 මේ ලින්ක් එක භාවිතයෙන් බ්ලොග් කියවනයට ගොස් බලන්න. එසෙම හැකිනම් අපව ලයික් කර අපට සහයෝගය දෙන්න. එය ඔබේ බ්ලොගයට එන පිරිස වැඩි කර ගැනීමටත්, බ්ලොග් ලියන්නන්ටත් ලොකු සහයොගයක් වෙවී.
ලිපි ලිවීමෙදි අකුරු වල ප්‍රමාණය අඩු කර ගැනීමට සැලකිලිමත් වෙන්න. එය බ්ලොග් කියනවන්නන්ට ලොකු සහයෝගයක් වේවි.
ඔබට බොහොමත්ම ස්තුතියි ප්‍රදීප්
ඔන්න මාත් කියෙව්වා..... ඇත්තටම මේ ලිපි අපේ දැනුම දියුණු කරගන්න ගොඩක් ප්‍රයෝජනවත්. ඒ ගැන ඔබට ස්තූති වන්ත වෙනවා..............
Post a Comment