ඔන්න මහා පරිමානව බඩඉරිඟු වගාකරන ගොවියෙක් ඉන්නවා, අනෙකුත් ඉරිඟු වර්ගයන්ට සාපේක්ෂව කෘමිහානි ඉතා අවම, දිලීර වයිරස් සහ බැක්ටීරියා රෝගවලට මැනවින් ඔරොත්තු දෙන, නියඟ තත්ව සාර්ථකව තරණය කල හැකි බඩඉරිඟු ප්‍රභේදයක් ඔහුට ලබාදෙනවා. ඔබ හිතන විදියට ඔහුගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද??? ටිකක් හිතල බලන්න...
90 දශකයේ මැද භාගයෙදි ජාන වෙනස් කල භෝග ඇතැම් රටවල් සිය වගාකරුවන්ට හදුන්වාදෙනවිට ඔබ කලින් මුහුනදුන් තත්වයටම ඔවුනුත් මුහුන දුන්නා. වගාකරුවන්ගෙන් බහුතරය අවම වශයෙන් මේ සිද්ධිය විශ්වාස කිරීමටවත් පෙළඹුනේ නැහැ. නමුත් ප්‍රායෝගිකව ජාන වෙනස් කල භෝගවල එම ලක්ෂන සැබෑවටම පවතින බව පසුව ඔවුන් අවබෝධකර ගත්තා. ආර්ථිකව සහ පාරිසරික වශයෙන් මෙම ජාන වෙනස් කල භෝග වගා කිරීම ඉතාමත්ම වාසි සහගත ක්‍රියාවක් වුනා.
1996 වෙනකොට සමස්ත ලෝකයෙන්ම ජාන වෙනස් කල භෝග වගාකොට තිබුනේ වර්ග කි.මී. 17,000 වැනි භූමි ප්‍රදේශයක. නමුත් 2011 වනවිට එම භූමි ප්‍රමානය වර්ග කි.මී.1,600,000 දක්වා වැඩිවුනා. ( අවුරුදු 15 ක් තුලදී 94 ගුණයක වැඩිවීමක්) වගාකරුවන් අතර ජාන වෙනස් කල භෝග ප්‍රචලිත වූ තරම එයින්ම පැහැදිලියි. 2010 දී කල ඇස්තමේන්තුවකින් හෙලිවූයේ ලොව සම්පූර්න වගාබිම් වලින් 10% ක් ජාන වෙනස් කල භෝග වගාකරමින් පවතින බවයි.
මුල් අවධිවලදී මෙම භෝග වැඩි වශයෙන් වගාකරන ලද්දේ සංවර්ධිත උතුරු ඇමරිකානු (ඇ.එ.ජ , කැනඩාව) රටවලය. ඒත් මෑත කාලයේදී සංවර්ධනය වෙමින් පවතින රටවලද සීඝ්‍රයෙන් මෙම භෝග වර්ග ව්‍යාප්තවෙමින් පවතිනවා. 2011 වනවිට ඇ.එ.ජ, බ්‍රසීලය, ආජන්ටිනාව ප්‍රමුඛ ලොව රටවල් 29ක වගාකරුවන් මිලියන 16.7 ක් මෙම ජාන වෙනස් කල භෝග වගාවේ යෙදෙනවා.
ජාන වෙනස් කල භෝග වගාකරන ලොව ප්‍රධාන රටවල් (2011) |
ඔන්න ඔහොමයි රටරටවල ජාන වෙනස් කල භෝග වගාකිරීම. ඉදිරි ලිපිවලදී වැඩිදුර විස්තර බලාපොරොත්තුවන්න.
No comments:
Post a Comment