“රන් අස්වනු මංගල්‍යය”, “බිමට නැමුණු රන්කරල්”, යන වදන් ඔබ මීට පෙර අසා ඇති. සශ්‍රීකත්වයේ සහ සෞභාග්‍යත්වයේ සංකේතයක් ලෙස මෙම රන් යන විශේෂණය යොදා ගනී. එහෙත් අපි දන්නා සහල් සැබවින්ම රන්වන් පාට නැත. බොහෝවිට ඒවා සුදු හෝ රතු පැහැයක් ගනී.නමුත් සැබවින්ම රන්වන් පැහැති සහල් ලොව පවතින බව ඔබ දන්නවාද?
2000 වසරේදී පළමුවරට රන්වන් පැහැති සහල් (Golden Rice) පිළිබඳව ලොවට අනාවරණය කෙරින. ස්වාභාවික පරිසරයේ නිර්මාණයක් නොවන මෙම රන් සහල් ජාන ඉංජිනේරු විද්‍යාවෙන් හඳුන්වාදෙන ලදී. එබැවින් මෙය (Genetically Modified Organism) නම් ඝනයට අයත් වේ. එසේවුවද අනෙක් බොහෝ සහල් අයත්වන Oryza sativa විශේෂයටම මෙම සහල් ප්‍රභේදයද අයත් වේ. මහාචාර්ය Ingo Potrykus විසින් මෙය ලොවට හඳුන්වාදෙන ලද්දේ කුඩා ළමුන් අතර පවතින්නාවූ විටමින් ඒ ඌනතාව හෙවත් (VAD) අවම කිරීමේ වෑයමක් ලෙසය.
normal rice vs golden rice |
එහෙත් තවමත් මිනිස් පරිභෝජනයට මෙම වර්ග දෙකෙන් කිසිවක් නිකුත් කර නැත. විවිධ පාරිසරික සංවිධාන වලින් මතුවු දැඩි විරෝධය මීට හේතුවිය. මීට ප්‍රධාන හේතූන් ලෙස මෙය (GMO) වර්ගයට අයත්වීම, විටමින් ඒ ඇති ස්වභාවිකව පවතින විකල්ප අහාර බහුලව තිබීම (බතල, කොළ පැහැති එළවලු, පලතුරු), මෙම රන් සහල් වලට අවසර දීම වෙනත් (GMO) වර්ග පරිභෝජනයට දෙන අවසර පතක් ලෙස වක්‍රාකාරව දිස්වීම මෙවැනි හේතුන්ගෙන් කීපයකි.
3 comments:
හොඳ විස්තරයක්. ඇත්තටම ජාන ඉංජිනේරු විද්‍යාවෙන් නිපදවූ බෝග හානිකර වන්නේ ඇයි? එවැනි වෙනත් බෝග වර්ග මොනවද?
හොදයි. රන්වන් සහල් මිනිසාට හිතකරද යන වග අප හරියටම තහවුරු කරගත යුතුයි.
වටිනා තොරතුරු ගොනුවකි 💫
Post a Comment